නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද විශේෂ සාකච්ඡාවක

Tuesday, 18 October 2016 - 7:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවසේදී අද පස්වරු 7ට මෙම සාකච්ඡා ආරම්භ වන බවයි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, පක්ෂය හමුවේ ඇති අභියෝග මෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අයවැය සම්බන්ධයෙන් ද සාකච්ජා කෙරෙනු ඇති.