උතුරු කොරියාවෙන් මහා බ්‍රිතාන්‍යයට අනතුරු ඇගවීමක්

Tuesday, 18 October 2016 - 8:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියාව සමඟ තමන් යුද්ධයකට ආසන්න වී තිබෙන අතර, එම සටනින් ඉවත්ව සිටින ලෙස උතුරු කොරියාව මහා බ්‍රිතාන්‍යයට අනතුරු ඇගවීමක් කළා.

උතුරු යුරෝපයේ, උතුරු කොරියානු විදේශ කටයුතු නියෝජිත පාක් යුන් සික් මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන යුද අභ්‍යාසයට තමන් ද එක්වන බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

ලබන නොවැම්බර් 4 වන දා සිට 10 වන දා දක්වා පැවැත්වෙන එම යුද අභ්‍යාසයට තම ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානා පෙළක් යැවීමටයි බ්‍රිතාන්‍යය තීරණය කර ඇත්තේ.

එය පස මිතුරු ක්‍රියාවක් බවත්, කොරියානු යුද්ධයේදී ලද පරාජයන් බ්‍රිතාන්‍යය අමතක නොකළ යුතු බවත් උතුරු කොරියානු නියෝජිතයා වැඩිදුරටත් සදහන් කළා.

එමෙන්ම ඇමරිකාව සමඟ එක්ව බ්‍රිතාන්‍යය, මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිදුකළ යුද්ධ හේතුවෙන් යුරෝපයේ සරණාගත අර්බුදයක් හට ගෙන ඇති අතර, ත්‍රස්තවාදය ලොව පුරා පැතිරී ඇති බවයි ඔහු කියා සිටියේ.