දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Tuesday, 18 October 2016 - 9:12

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පොල්ගහවෙල - අලව්ව අතර පිහිටි පූරිය දුම්රිය හරස් මාර්ගයේදී, ගනේවත්තේ සිට පානදුර බලා ධාවනය වූ දුම්රියක, අද අලුයම මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගයේ සංඥා පුවරු ක්‍රියාත්මක වී තිබියදී, මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට තැත් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.