යේමන සටන් විරාමය බ්‍රහස්පතින්දා ඇරඹේ

Tuesday, 18 October 2016 - 10:12

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනාධිපති මන්සූර් හාදිගේ රජයේ හමුදා සහ යේමන හවුති කැරළිකරුවන් අතර පැය 72ක සටන් විරාමයක් බ්‍රහස්පතින්දා ආරම්භ වන බව ජගත් සංවිධානය නිවේදනය කළා.

යේමනය සඳහා වූ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ඉස්මයිල් අහමඞ් කියා සිටියේ ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ එකඟත්වය හිමි වී ඇති බවයි.

ජනාධිපති මන්සූර්ගේ හමුදා සහ යේමනයේ සානා අගනුවර බලය හිමිකරගෙන සිටින හවුති කැරළිකරුවන් අතර, ගැටුම්වලින් මේ වන විට පුද්ගලයන් 7000ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති අතර, අවතැන් වූ සංඛ්‍යාව මිලියන 3කට ආසන්නයි.

නව සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණේ හවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන එල්ල වූ සවුදි ගුවන් ප්‍රහාරයකින් අවමංගල්‍යය උත්සවයකට සහභාගි වෙමින් සිටි යේමන ජාතිකයන් 140ක් මිය යාමෙන් අනතුරුවයි.