බදුල්ලේ වතු නිවාසයක නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

Tuesday, 18 October 2016 - 11:24

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බදුල්ල - නේපියර් වතුයායේ නිවාසයක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම මෙම වැටලීම සිදුකර ඇත්තේ ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස්වලට අනුවයි.

වැටලීමේදී නිවසේ තිබූ ගෝඩා මිලිලීටර් 3,60000ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 27,000ක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.