GSP සහනයට ශ්‍රී ලංකාව ළං වෙලා - යුරෝපා කවුන්සිල සභාපති

Tuesday, 18 October 2016 - 12:32

GSP+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාව ලබා ඇති වත්මන් දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ හමුවේ GSP ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීම සඳහා ආසන්නව සිටින බව යුරෝපීය කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටස්ක් පවසනවා.

ඒකාධිපතිවාදය, දුෂණ සහ භීෂණය කරා ගමන් කරමින් තිබූ රටක් ඉන් මුදවා යහපාලනය සඳහා කැපවුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රසල්ස් නුවර දී හමුවූ අවස්ථාවේ ඔහු සඳහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස යුරෝපා කවුන්සිල මූලස්ථානයේදී ඊයේ ඔහු හමුවූ අතර, යුරෝපා කවුන්සිල සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ GSP ප්ලස් තීරු බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තම පූර්ණ සහය ලබාදෙන බවයි.