ඉඟුරු දී මිරිස් ගන්න වේවි ද? - ගම්මන්පිළ අසයි

Tuesday, 18 October 2016 - 12:57

%E0%B6%89%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%3F+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉවත් වීම ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ යැයි යන කියමන සනාථ කරයි ද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම අතර කොටස ඉදිකිරීමේදී රුපියල් බිලියන 12ක් පාඩුවක් සිදුවී ඇති බවයි.