පිලිපීන ජනපති චීනයට සහ රුසියාවට අත වනයි

Tuesday, 18 October 2016 - 13:32

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව සමඟ තවදුරටත් ඒකාබද්ධ යුද අභ්‍යාස නොපවත්වන අතර, රුසියාවට සහ චීනයට ඒ සඳහා ආරාධනා කිරීමට සූදානම් බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරෙට් පවසනවා.

පිලිපීන ජනාධිපතිවරයා අද සිව් දින චීන චාරිකාවක් ආරම්භ කරන අතර, ඊට පෙර හොංකොං රූපවාහිනී සේවාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට අදහස් කරන බවයි.

දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ හේතුවෙන් පිලිපීනය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පවතිනවා.

කෙසේ නමුත් සිය දැඩි පාලන ක්‍රමය බටහිර රටවල විවේචනයට ලක්වීම නිසා චීනය හා රුසියාව සමඟ සබදතා ගොඩ නගා ගැනීමටයි ජනාධිපති ඩුටරෙට් උත්සාහක නිරත වන්නේ.

පසුගිය ජුනි 30 වන දා බලයට පැමිණි ජනාධිපති ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ විරෝධී මෙහෙයුම්වලින් මිය ගිය සංඛ්‍යාව 3700කට අධිකයි.