හමුදා නිලධාරියා LTTE සාමාජිකයෙකුට ලක්ෂ 20ක වන්දිය ගෙවයි

Tuesday, 18 October 2016 - 13:37

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+LTTE+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BA%E0%B7%92
යුද හමුදාවට භාර වූ පසු ඝාතනයට ලක්වූ බව පැවසෙන හිටපු LTTE සාමාජිකයෙකුගේ පවුලේ සාමාජිකයන්ට හිටපු හමුදා ලුතිනන් විමල් වික්‍රම විසින් අද රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල ගෙවනු ලැබුවා.

අධිකරණ නියෝගයක් අනුව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන ඉදිරියේ ඔහු මෙලෙස ගෙවා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් සපයා දුන් මුදලයි.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ බිරිඳ වෙනත් විවාහයක් සිදුකරගෙන තිබූ බැවින් ඇයට රුපියල් ලක්ෂ 10ක් සහ පියාට ද රුපියල් ලක්ෂ 10ක් පිරිනැමීමටයි අධිකරණය උපදෙස් ලබාදුන්නේ.

හිටපු හමුදා නිලධාරියා රුපියල් දස දහසක දඩ මුදලක් මත මුදා හැරීමට ද එහිදී පියවර ගැනුණා.