කම්කරු නිලධාරීන් යළි වර්ජනයකට සැරසේ

Tuesday, 18 October 2016 - 13:47

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
තමන් හෙට දිනයේ සිට යළි වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති අයි.සී. ගමගේ කියා සිටියේ පසුගිය දා දියත් කළ වැඩ වර්ජනයට සම්බන්ධ වූ කම්කරු නිලධාරීන්ගේ සේවක අයිතිවාසිකම් උල්ලංගණය කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරිය කටයුතු කරමින් සිටීම ඊට හේතුව බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානම් පවතින බව පවසමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අද මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කළා.

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ඉදිරිපිට අත්සන් කළ මෙම පෙත්සම ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාර දෙන බවයි එම සංගමයේ ලේකම් සේපාල ලියනගේ සඳහන් කළේ.