ලොව වටිනාම වැහිලිහිණි කූඩු තොගයක් මාදම්පිටියේ දී විනාශ කෙරේ

Tuesday, 18 October 2016 - 13:50

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94++%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රේගුව විසින් අත්අඩංගුවට ගත් වැහිලිහිණි කූඩු කිලෝ 90ක් මාදම්පිටිය පොදු සුසාන භූමියේදී අද විනාශ කෙරෙනවා.

පසුගිය තුන් වසරක කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම වැහිලිහිණි කූඩු තොගය අත්අඩංගුවට ගනු ලැබුවා.

එම වැහිලිහිණි කූඩු ලොව ඉතාම දුර්ලභ ඒවා වන අතර, ඒ සඳහා අග්නිදිග ආසියාකරයේ පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

එමෙන්ම මෙලෙස විනාශ කෙරෙන විශාලම වැහිලිහිණි කූඩු තොගය මෙය බවයි රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ආරක්ෂක ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.ඞී.ඒ.එම්.ජී. නියරේපොළ සඳහන් කළේ.