වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙන සාමූහික ගිවිසුමට අත්සන් තැබේ

Tuesday, 18 October 2016 - 15:57

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92++%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාමූහික ගිවිසුමට අත්සන් තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ කම්කරු සංගමය යන වතු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් මෙම ගිවිසුමට අද අත්සන් තැබුවා.

මෙම ගිවිසුම වසර දෙකක කාලයකට බල පැවැත්වෙනවා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මෙන්ම අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, මලික් සමරවික්‍රම සහ  අමාත්‍ය මහින්ද අමරවීර එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සහ රුපියල් 730ක දෛනික වැටුප ඇතුළත් සාමුහික ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් අදත් නුවරඑළිය, හැටන් සහ ගාල්ල ප්‍රදේශයේදී විරෝධතා පැවැත්වුණා. 





ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ