තද වැසි හේතුවෙන් බස්නාහිර පළාතට උදේම ලැබෙන දේ

Wednesday, 19 October 2016 - 6:46

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A%E0%B6%B8+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රදේශ වල උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ත්, 100ත් අතර වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසිත් සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.