කතරගම බස්නායක නිලමේ පෙරහර ගැන අනතුරු අඟවයි

Wednesday, 19 October 2016 - 7:18

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රුහුණු කතරගම මහා දේවාලයේ ඉල්මහ පෙරහර ඉතිහාසයේ පළමු වතාවට එක් ඇතෙකු පමණක් යොදාගනිමින් සිදුකිරීමට සිදුවනු ඇතැයි එම දේවාලයේ බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ පවසනවා

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි කතරගම දේවාලයට අලි ලබාදීම තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවටද බස්නායක නිලමේවරයා චෝදනා කළා.