යුරෝපා සංගමයෙන් බිලියන 34ක ආධාරයක්

Wednesday, 19 October 2016 - 7:25

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+34%E0%B6%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2020 වසර දක්වා කාලය තුළ සංවර්ධන ආධාර ලෙස මෙරටට රුපියල් බිලියන 34 ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

2007 වසරේ සිට 2013 වසර දක්වා ලබාදුන් ආධාර මුදල් හා සැසදීමේදී මෙය දෙගුණයක වැඩිවීමක් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

තිරසාර සාමයක් ඇති කිරීම, අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කිරීම සහ දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කිරීම උදෙසා මෙම ආධාර ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 21 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද යුරෝපා සංගමයේ ප්‍රසාදය හිමිවී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රසල්ස් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කොමිසමේ උප සභාපතිනි ෆෙඩෙරිකා මොගෙරිනි අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

එහිදීයි මෙරට සංවර්ධනය සඳහා ආධාර ලබාදීමට ඇය කැමැත්ත පළ කර ඇත්තේ.