මාදම්පේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Wednesday, 19 October 2016 - 8:57

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මාදම්පේ - ඉරට්ටකුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රියේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගියේ 29 හැවිරිදි කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.