Update- දිවිනැගුම නඩුව මාර්තු සිට අඛන්ඩව විභාගයට

Wednesday, 19 October 2016 - 11:26

Update-+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 3090ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 05 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

මහාධිකරණ විනිසුරු එන්.වී.කරුණාතිලක හමුවේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී මොවුන්ට අධි චෝදනා කියවා දීමද සිදු කෙරුණා.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රජා මූල බැංකුවල තිබූ රුපියල් මිලියන 3090ක මුදලක් පරිහරණය තුලින් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේයි විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ.

හිටපු ආර්ථික සංවර්ධ අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතරව එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. කේ්. රණවක සහ බන්දුල තිලකසිරි මෙම නඩුවේ සෙසු විත්තිකරුවන්.

Update- Wednesday, October 19, 2016 01.09
--------------------------------------------------------------