කතරගම දේවාලයට අලි දෙන්නේ කැබිනට් අනුමැතියෙන් පසුවයි - වනජීවි ඇමති

Wednesday, 19 October 2016 - 12:30

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
කතරගම දේවාලයට අලි ලබා දීම කැබිනට් අනුමැතියෙන් පසුව සිදුකරන බව තිරසාර සංවර්ධන සහ වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අලි ලබාදෙන ලෙස නියෝග කර තිබුණ ද වනජිවි අමාත්‍යවරයා එය කල් දමමින් සිටින බවට රුහුණු කතරගම මහා දේවාලයේ  බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ  එල්ල කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ්.

අලි ලබා නොදීම නිසා කතරගම මහා දේවාලයේ ඉල්මහ පෙරහර ඉතිහාසයේ පළමු වතාවට එක් ඇතෙකු පමණක් යොදාගනිමින් පැවැත්වීමට සිදුවනු ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බස්නායක නිලමේවරයා සදහන් කළා.

කෙසේ වෙතත්, දෙහිවල සත්වෝද්‍යානයේ අද (19) නිරීක්ෂණ චාරිකාවක එක්වීමෙන් අනතුරුව, කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා එල්ල කළ චෝදනා පිළිබදව මාධ්‍යවේදීන් වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව තමන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.