ඉදිකිරීම්වලට මුහුදු වැලි ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

Wednesday, 19 October 2016 - 13:22

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
රජයේ ගොඩනැගිලි නිර්මාණය සදහා මුහුදු වැලි භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගෙන යනු ලබන වැඩපිළිවෙලේ අදියරක් ලෙස මෙය ක්‍රියාවට නංවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ උද්ගතව ඇති පාරිසරික ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා නිලධාරින්ට මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.

ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය දැව සහ අනෙකුත් සොබා සම්පත් වෙනුවට පරිසර හිතකාමී තාක්ෂණික ගොඩනැගිලි නිර්මාණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.