ජගත් සංවිධාන නියෝජිතවරිය TNA නියෝජිතයින් හමුවේ (ඡායාරූප)

Wednesday, 19 October 2016 - 13:35

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+TNA++%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන් පිළිබද නියෝජිත රීටා අයිසැක් නැඩියා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.

කොළඹදී පැවති මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරම් ඇතුළු නියෝජිතයන් පිරිසක් එක්ව සිටි බව සදහන්. මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන මැතිවරණය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය වන රීටා අයිසැක් නාඩියා පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා.

ඇය දින 10ක් මෙරට රැදී සිටින අතර,මෙරට ජනවාර්ගික, ආගමික සහ භාෂා සුළුතරයන්හි වත්මන් තත්ත්වය පිළිබදව ඇගයීමක් කිරීමට නියමිතයි.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මානව හිමිකම් විශේෂඥවරියක වන ඇය උතුර, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුළු ජාතික ජන කොටස් මුණ ගැසී ඔවුන්ගේ ගැටළු පිළිබදව ඍජුව අදහස් හුවමාරු කර ගනු ඇති බවයි.

මේ අතර, අද පස්වරුවේ රීටා අයිසැක් නැඩියා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් ද හමුවීමට නියමිතයි.