ඉන්දීය විදේශ ලේකම් සති අන්තයේ ශ්‍රී ලංකාවට

Thursday, 20 October 2016 - 8:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් සති අන්තයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සමඟ ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථීක හා වෙළඳ සබඳතා පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු නොකරන බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබුණේ.