සංශෝධිත වැට් කෙටුම්පත 26 වනදා

Thursday, 20 October 2016 - 12:15

%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+26+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මෙවර අයවැය සකස්  කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව අනාවරණ කළේ.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන  ඇති අධික ණය ගෙවාගැනීමට නොහැකි නිසා එම වරාය චීනය වෙත පවරා දීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඔහු සඳහන් කළේ සියයට විස්සක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත හිමිවන පරිදි හම්බන්තොට වරාය චීනය වෙත පවරා දීමට කටයුතු කරන බවයි.

මේ අතර සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත මේ මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය මේ වනවිට කථානායකවරයා වෙත යවා තිබෙනවා.