උසාවිය නිහඬයි - තීරණය හෙට

Thursday, 20 October 2016 - 13:17

%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ  ‘‘උසාවිය නිහඬයි’’ චිත්‍රපටය සදහා පනවා තිබූ වාරණ නියෝගය හෙට දිනය දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ මෙම නඩුව කොළඹ දිසා විනිසුරු එම්.යූ. ගුණවර්ධන හමුවේ අද යළි සළකා බැලූනු අවස්ථාවේදියි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ හෙට දිනයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ලබාදෙන බවයි.

උසාවිය නිහඬයි චිත්‍රපටය පසුගිය පස්වනදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර, ඊට වාරණයක් පනවනු ලැබුවේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු වූ ලෙනින් රත්නායක ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.