දිවුලපිටියේ රිය අනතුරකින් 6ක් රෝහලේ

Thursday, 20 October 2016 - 13:19

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මිනුවන්ගොඩ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දිවුලපිටිය ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වෑන් රථයේ ගමන් කළ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.