සුසන්තිකා ජයසිංහගේ නඩුව සමථ මණ්ඩලයට

Thursday, 20 October 2016 - 14:24

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහට සැමියා විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර අද නියෝග කළා.

මෙම නඩුවට අදාළව සුසන්තිකා ජයසිංහ සහ ඇයගේ සැමියා වන ධම්මික නන්දකුමාරද අධිකරණයේ පෙනී සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පහරදීමෙන් ඇයට බරපතල තුවාලයක් සිදුවී නොමැති බවයි.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා  එල්ලවූ ඇයගේ සැමියා වන ධම්මික නන්දකුමාර ඇප මත මුදාහැරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

පසුගිය ජූලි මස 18 වනදා සිය නිවස තුළදී සැමියාගේ පහරකෑමට ලක්වු  සුසන්තිකා ජයසිංහ රෝහල් ගතකරනු ලැබුවා.