දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලේ

Thursday, 20 October 2016 - 14:31

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හැටන් - මස්කෙළිය -  ඕල්ටන් තේ වතු යායේදි දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තේ වත්තේ දෛනික සේවා කටයුතුවල නිරතව සිටි වතු සේවකයන් දෙදෙනෙකුයි මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ.

මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ වැඩිදුර ප්‍රතිකාර සදහා මොවුන් දෙදෙනා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි.