සැකකරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරියෙකුට ස්ථාන මාරුවක්

Thursday, 20 October 2016 - 14:58

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත බගවන්තලාව පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිසියට මාරු කර යවා තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි බගවන්තලාව පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

සොරකමක් සම්බන්ධයෙන් ඉකුත් 14 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට දින 4 ක් තිස්සේ පොලිස් ස්ථානය තුලදී අදාළ නිලධාරියා පහරදී ඇති බවට එල්ල වූ චෝදනාව මතයි එම ස්ථානාමාරුව ලබාදී ඇත්තේ.