උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Thursday, 20 October 2016 - 15:37

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා.

ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෝසමක් මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත කළ ඉල්ලීමකට අනුවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි ඔහුුට චෝදනා එල්ල වී තිබෙනවා.

මීට පෙර උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉල්ලීමක් කළ ද කොටුව මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කළේ ඔහු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර නොතිබීම හේතුවෙන්.

මේ අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදේශ ගතවීමට ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට අද (20) අධිකරණයෙන් අවසර හිමිවුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය තීන්දු කළේ වසරක කාලයක් සදහා මෙම අවසරය ලබාදීමටයි.

කෙසේ වෙතත්, රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරා ඇති අතර, එම කොමිසමේ නිලධාරින් නිශ්ශංක සේනාධිපතිට වසරක කාලයක් සදහා විදේශ ගතවීමට අවසර ලබාදීමට දැඩි ලෙස විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, රුපියල් ලක්ෂ 50 ක අමතර ශරීර ඇප 3 ක් මත නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.