ශ්‍රී ලංකාවේ මැණික්වලට බෙල්ජියමේ වැඩි ඉඩක්

Thursday, 20 October 2016 - 18:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ මැණික්, වැඩි වශයෙන් මිලදී ගැනීමට බෙල්ජියමේ ප්‍රමුඛ පෙලේ මැණික් ව්‍යාපාරිකයින් එකගතාවය පළ කර තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සදහා එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවකදී එම ව්‍යාපාරිකයින් අදාළ එකගතාවය පළ කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ.

එලෙස මිලදී ගන්නා මෙරට මැණික් සදහා බෙල්ජියම වෙළදපොල තුළ වැඩි අවස්ථාවක් ලබාදීමට ඔවුන් එකග වී තිබෙනවා.

බෙල්ජියම් සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ‘‘ඇන්ට්වර්ප් ඩයමන්ඩ් පැවිලියන්’’ දියමන්ති සැකසුම් සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අස්ථාවේදීයි එම ව්‍යාපාරිකයින් හමුවුණේ.

මේ වනවිටත් එම මධ්‍යස්ථානයේ නිමවන පීකොක් නමැති දියමන්ති ආභරණය සදහා ශ්‍රී ලංකාවෙන් මැණික් ආනයනය කරනු ලබනවා.

ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස යුරෝපයේ දෙවන විශාලතම වරාය සංකීර්ණය වන ‘‘ඇන්ට්වර්ප්’’ වරායේ මෙහෙයුම් කටයුතු පිළිබදව ද සිය අවධානය යොමුකළා.