ආර්ථික ප්‍රශ්නවලට හේතුව අගමැති පහදයි

Friday, 21 October 2016 - 7:09

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි නොවුනා නම් ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිය බෙල්ජියම් සංචාරය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, බෙල්ජියමේ සිව් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා බ්‍රසල්ස් නුවර ලැම්බෙර්මොන්ට් මන්දිරයේදී බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී ජනවර්ග අතර සබඳතාවයන් තහවුරු කරමින් වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එවන් පසුබිමක් තුළ තම රටේ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරතවීමට කැමැත්තෙන් සිටින බවයි.