රුසියානු යුද නැව් පෙලක් ගැන බ්‍රිතාන්‍ය අවධානයෙන්

Friday, 21 October 2016 - 14:20

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉංගී‍්‍රසි  ඕඩය හරහා අද ගමන් කරන රුසියානු යුද නැව් පෙලක් හේතුවෙන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව සීරුවෙන් තබා තිබෙනවා.

මෙම යුද නැව් පෙල උතුරු දිග රුසියාවේ සිට ගමන් කරන්නේ මැදපෙරදිග සිරියාව වෙතයි.

ප්‍රහාරක යානා රැගෙන යා හැකි යුද නෞකා ඇතුළු මෙම නෞකා පෙල ජාත්‍යන්තර මුහුදේ ගමන් කළද බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව උදෙසා නාවික හමුදාව සූදානමින් තැබූ බව එරට ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ප්‍රකාශ කළා.

සිරියාවට ඔබ්බෙන් රුසියානු යුද නෞකා 10 ක් පමණ දැනටමත් නැංගුරම් ලා ඇති අතර, නව යාත්‍රා පෙළ ඉදිරි මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත බව විශ්වාස කෙරෙනවා.