අගමැති යළි දිවයිනට

Friday, 21 October 2016 - 14:34

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීමට උපරිම සහය ලබාදෙන බව මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝශප් මුස්කට් ප්‍රකාශ කළා.

යුරෝපා සංගමයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇති ඔහු, මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ බෙල්ජියමේ මෝල්ටා තානාපති කාර්යාලයේ පැවති හමුවකදියි.

එසේම යුරෝපා පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයන් ද ඊයේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද ඔවුන් සතුට පළ කර තිබෙනවා.

බ්‍රසල්ස් අගනුවර ව්‍යාපාරිකයන් පිරිසක් ද ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබූ අතර, කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා උපරිම සහය ලබාදෙන බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, සිය බෙල්ජියම් සංචාරය නිම කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දුත පිරිස අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.