යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මිය යාම ගැන, රහස් පොලීසිය පරීක්ෂණ අරඹයි - පොලීසියේ 5ක් අත්අඩංගුවට

Friday, 21 October 2016 - 18:02

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට පැවැත්වෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ඔවුන්ගේ සේවය වහාම අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අදාළ තරුණයින්ගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වුණා.

එහිදී හෙළිදරව් වි ඇත්තේ යතුරු පැදිය පැදවු තරුණයාගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩයක් හමුව ඇති බවයි.

අදාළ තරුණයින් දෙදෙනා බීමත්ව සිට ඇති බව වෛද්‍ය වාර්තා මගින් හෙළිවී තිබෙනවා.