ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය හෙට ඇරඹේ

Sunday, 23 October 2016 - 7:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
04 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසය මිත්‍ර - ශක්ති හෙට අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී ආරම්භ වනවා.

අන්තර්ජාතික ත්‍රස්තවාදය, ඒකාබද්ධ උපායික මෙහෙයුම්, අත්දැකීම් හුවමාරු කර ගැනීම ඇතුළු අරමුණු කිහිපයක් ඔස්සේ එය ක්‍රියාත්මකයි.

සති දෙකක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් 06 දෙනෙකු ඇතුළු භටයින් 45 දෙනෙකු එක්වන අතර, ශ්‍රී ලංකා පාබල හමුදාවේද ඊට සමාන කණ්ඩායමක් එක්වන බව යුද හමුදාව ප්‍රකාශ කළා.

නොවැම්බර් 06 වනදා පුහුණු අභ්‍යාසය අවසන් වන අතර, එහි අවසාන අදියරේදී විශේෂ ඇගයීම් කටයුතුද සිදුකෙරෙනවා.

මිත්‍ර - ශක්ති අභ්‍යාසය මීට පෙර දෙවරක් ඉන්දියාවේදී පැවැත්වුණු අතර, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදීද එක්වරක් පවත්වනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර සහ සුරනිමල නෞකා විශේෂ පුහුණු අභ්‍යාසයක් සහ සුහද චාරිකාවක් සඳහා අද ඉන්දියාවේ කොචින් වරායට ළඟාවීමට නියමිතයි.

නාවික හමුදාවේ නිලධාරීන් සහ භටයින් 304 දෙනෙකු මෙම සංචාරයට එක්වීමද විශේෂත්වයක්.

ඔවුන් ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයේ පුහුණු පාසල් දෙකක් නිරීක්ෂණය කරන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකටද එක්වන බව නාවික හමුදාව නිවේදනය කළා.

දෙරටේ නාවික හමුදා අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම මෙහි අරමුණයි.