සරසවි සිසුන් මියයාම ගැන සාකච්ඡාවට උතුරේ දෙමළ පක්ෂ අද රැස්වේ

Sunday, 23 October 2016 - 12:48

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ නායකයන් අද රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව  දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසනවා.

ඒ අනුව එම සාකච්ඡාව අද යාපනය නගරයේදී පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙම සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරින්ට දැනටමත් උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පස්දෙනා ලබන නොවැම්බර් හතරවනදා දක්වා රක්ෂිත බන්ධණාගාර කෙරුණු අතර ඔවුන් හෙට නැවතත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.