බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්. උතුරට සහ මධ්‍යම කඳුකරයට තද වැසි

Sunday, 23 October 2016 - 13:04

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට කිලෝමීටර 1400 ක් ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.  

මෙහි ඍජු බලපෑමක් නොමැති නමුත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ඇතිවිය  හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්  කළේ.

විශේෂයෙන් මධ්‍යම කඳුකරයට සහ උතුර පළාතට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරනවා.  

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව  සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.  

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඉකුත් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මාලිබොඩ ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 70 ක්. එමෙන්ම, කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ද තද වැසි ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.