දරු දෙදෙනාටත් පිහියෙන් ඇණ තමන්ටද ඇණගත් මවක් රිමාන්ඩ්

Sunday, 23 October 2016 - 13:09

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AB+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AF+%E0%B6%87%E0%B6%AB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තම දරු දෙදෙනාට පිහියෙන් ඇණ තමාටද එම පිහියෙන් තුවාල සිදුකරගත් මවක් ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බදුල්ල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේ මඩොල්සිම - ඌව කැලේවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය ඊයේ රාත්‍රියේ නිදා සිටි මාස තුනක් වයසැති සිය පුත්‍රයාට සහ අවුරුදු දෙකහමාරක් වයසැති දියණියට පිහියෙන් ඇණ තිබෙනවා.

අනතුරුව ඇයද පිහියෙන් ඇණගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පසුව තුවාල ලබා සිටි මොවුන් අසල්වාසීන් විසින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.

දැනට අදාළ කාන්තාව ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේයි.

සැකකාරියගේ සැමියා කොළඹ පෞද්ගලික රෝහලක රැකියාව කරන අතර, මානසික පීඩාවකින් පෙළෙන්නේදැයි යන සැකය මත ඇය බදුල්ල රෝහලේ මානසික රෝගී වාට්ටුව වෙත මාරුකර යවා තිබෙනවා.