කණ්ඩායම් 5 ක්, චුන්නාකම් පොලීසියේ දෙදෙනෙකුට පහරදීම ගැන සොයයි

Monday, 24 October 2016 - 7:43

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යාපනය - චූන්නාක්කම් ප්‍රදේශයේදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් කණ්ඩායම් 5 ක් පත් කර තිබෙනවා.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ද පරීක්ෂණ සඳහා යොදවා ඇති බව සදහන්.  

චූන්නාක්කම් නගරයේ වෙළදසැල්වලින් කප්පම් ලබා ගැනීමට අංක තහඩු රහිත යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් 6 දෙනෙකු සහ කඩ හිමිකරුවන් අතර, ඊයේ ගැටුමක් ඇතිවුණා.

එම ගැටුම සමථයකට පත් කිරීම සදහා සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරින් තුන්දෙනෙකු මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේදීයි කොල්ලකරුවන් පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධවලින් පහරදී ඇත්තේ.

ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට සහ තවත් නිලධාරියෙකුගේ වම් අතට තුවාල සිදුව තිබෙනවා.

ඔවුන් මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.