අදත් ප්‍රදේශ රැසකට වැසි

Monday, 24 October 2016 - 7:54

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙමඟින් දිවයිනට ඍජු බලපෑම් එල්ල නොවුණද මධ්‍යම කඳුකර ප්‍රදේශවලට සහ යාපනය දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ත් 150 ත් අතර, තද වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර සඳහන් කළේ.

ඊට අමතරව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලටත් යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.