ජා.නි.පෙ. ජයන්ත සමරවීරට ඇප

Monday, 24 October 2016 - 13:05

%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ අනුව සැකකරු රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදාහැරීමට නියෝග කර ඇත්තේ.

පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් මස 28 වැනිදායි.

මේ අතර රජයේ වාහන අවභාවිතා කරමින් රුපියල් ලක්ෂ 100 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට රිමාන්ඞ් භාරයේ සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ නොවැම්බර් මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී සරත් වීරවංශව අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් මස පළමුවැනිදායි.