ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ තවත් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට ඇප

Monday, 24 October 2016 - 16:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරින් අතරින් තවත් දෙදෙනෙකු අද (24) ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න නියෝග කළා.

නඩු විභාගයේ පළවැනි සැකකරු වන ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර නොහොත් නාදන් යන අය ඉදිරිපත් කළ ඇප අයදුම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි අදාළ නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අදාළ සිද්ධියේ පළවන සහ තුන්වන සැකකරු වන මොවුන්ට රුපියල් ලක්ෂ 15 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 30 බැගින් ශරීර ඇප දෙකක් නියම වුණා.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගනු ලැබුවා.

මේ අතර මෙම සිද්ධියේ තවත් සැකකරුවන් සිව් දෙනෙකු පසුගිය මස 22 වැනිදා ඇප මුදල් ගෙවීමෙන් අනතුරුව මුදා හරිනු ලැබුවා.  

තවත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තුන්දෙනෙකු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.