Update- රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

Tuesday, 25 October 2016 - 7:17

Update-+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ආණමඩුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ධර්මපාල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුඵ තුන්දෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරෙනවා.

ඊයේ රාත්‍රි 7.30ට පමණ සිදු වු මෙම අනතුරින් ආනමඩුව නගරයේ වෙළදසැලක සේවය කරන 42 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

ඔහු වෙළදසැලේ  සේවය අවසන් කර සිය පා පැදියෙන් නිවස බලා යන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ගමන් ගත් ජිප් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසු නිකවැරටිය දෙසට නොනවත්වා ධාවනය කළ මෙම ජීප් රථය, එම ස්ථානයේ තිබූ මෝටර් රථයක් විසින් ලුහුබැද ගොස් තිබෙනවා.

කොටවෙහෙර - කණුකැටිය ප්‍රදේශයේදි අදාල ජීප් රථය නවතා ගත් මෝටර් රථයේ සිටි පුද්ගලයන් එය කොටවෙහෙර රථවාහන පොලිස් නිලධාරින් වෙත බාර දී ඇති බව සඳහන්.

පසුව ජීප් රථය සහ එහි ගමන් ගත් පුද්ගලයින් තුන්දෙනා ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුඵ තුන්දෙනා ගමන් ගත් ජීප් රථය රාජ්‍ය අමාත්‍යවරයාගේ  බිරිදට අයත් රථයක්  බවයි පොලිසිය සඳහන් කළේ.

Update- Tuesday, October 25, 2016 12.59
--------------------------------------------------------

ආණමඩුව - ධර්මපාල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පළුගස්හන්දිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර සමඟ අනතුර සිදුකර ඇති බව සැළකෙන ජීප් රථයද මෙහිදී අත්අඩංගුවට ගැනුනා.

අනතුර සිදුකළේ තමා බව පවසමින් තවත් පුද්ගලයෙකු මෙහිදී පොලීසියට භාරවී ඇති අතර, ඔහුද අත්අඩංගුවට ගැනුනු බවයි ආණමඩුව පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් ආණමඩුව නගරයේ වෙළඳසැළක සේවය කරන 42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වෙළඳසැලේ සේවය අවසන් කර සිය පාපැදියෙන් නිවස බලා යන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ජීප් රථයේ ගැටී අනතුරට ලක්වී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් පසු එම රථය නිකවැරටිය දෙසට ධාවනය කරමින් තිබියදී මෙලෙස පොලිස් මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.