ආණ්ඩුවේ ඇතමුන්ගෙන් මට කරදර- ඇමති නවීන්

Tuesday, 25 October 2016 - 7:36

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුවේ ඇතමුන්ගෙන් තමන්ට ගැටලු පවතින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

නුවරඑළිය - මන්දාරම් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන්ගෙන් තමන්ට විවිධ බාධක තිබෙන බවද එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමාගේ පියා විසින් ගොඩනගපු පුද්ගලයින්ද තමාට විරුද්ධව පහරදීම කණගාටුවට කරුණක් බවයි.