උතුර මහ ඇමති විග්නේෂ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි

Tuesday, 25 October 2016 - 7:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
උතුර මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ලන්ඩනයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ උත්සවයකදී කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය ඉරිදා ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේදී  මෙම උත්සවය සංවිධාන කර ඇත්තේ ටී.සී.සී. හෙවත් දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින්.

මියගිය එල්.ටී.ටී.ඊ. නායකයන් සමරමින් කොටි ධජය එසවීමේ අවස්ථාවක්ද ඊට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ නමුත් උතුර මහ ඇමති විග්නේෂ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ එම උත්සවයේදී කථාවක් පැවැත්වීමද තමාට ශ්‍රී ලංකාවේදී ගැටළුවක් විය හැකි බවයි.

පසුව මෙම කොටි සැමරුම් උත්සවයේ සංවිධායකයන් කොටි ධජය එසවීම අවලංගු කිරීමෙන් පසු උතුර මහ ඇමති විග්නේෂ්වරන් ඊට සහභාගිවී තිබෙනවා.

එහිදී පැය භාගයක පමණ කථාවක් සිදුකළ විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දේශපාලන පසමිතුරුකම් පසෙකලා එක්සත් විය යුතු බවයි.

දෙමළ ජනතාව අයිතීන් තහවුරු කරගැනීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරතවිය යුතු බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.