අර්ජුන් ඇලෝසියස් ඇතුළු බැදුම්කර සිද්ධියට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්න

Tuesday, 25 October 2016 - 8:24

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පචුවල් ටේ‍රෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවට ඊයේ රැස්වූ කෝප් කමිටු අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

කෙසේ වුවත්, ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමෙන් එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති නැගිට ගියා. ඒ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බලපෑම් කළ බවට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත්, පසුව කෝප් කමිටුව වැඩබලන සභාපතිවරයෙකු පත් කර ගනිමින් වැඩකටයුතු සිදුකරගෙන ගොස් තිබුණා.

ඒ අනුවයි මෙලෙස පර්පචුවල් ටේ‍රෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නිර්දේශ කර ඇත්තේ.