යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පා උතුරේ හර්තාල්

Tuesday, 25 October 2016 - 10:00

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පළ කරමින් මේ වනවිට උතුර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා.

යාපනය - කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක මෙම හර්තාල් ව්‍යාපාරය නිසා පළාතේ දෛනික කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

උතුර පළාතේ බස් ධාවනයද නැවතී තිබීම හේතුවෙන් දෛනික කටයුතු  සහ රාජකාරී සඳහා පැමිණි මගීන් අපහසුතා රැසකට මුහුණ දී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල කඩසාප්පු වසා දමා ඇති අතර, මගී ප්‍රවාහන කටයුතුවලටද බාධා එල්ලවී ඇති බව සඳහන්. 

දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුර පළාතේ දෙමළ පක්ෂ කිහිපයක් පෙරේදා දිනයේදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර ඇත්තේ.








ඡායාරූප- දියසේන රතුගමගේ