විවාහයෙන් පැය දෙකකට පසු යුවළක් දික්කසාද වෙයි

Tuesday, 25 October 2016 - 14:33

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විවාහ වී පැය දෙකකට පසු සිය බිරිඳ දික්කසාද කල සැමියෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා.

සෞදි අරාබියේ යුවළක් විවාහ වී ඇත්තේ ප්‍රේම සබඳතාවකින් අනතුරුවයි.

සිය විවාහයේ ඡායාරූප කිසිවකුට නොයැවිය යුතු බවට පෙම්වතා විසින් පෙම්වතියගෙන් විවාහයට පෙර පොරොන්දුවක් ලබාගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම පොරොන්දුව කඩ කරමින් පෙම්වතිය විවාහ මංගල්‍යයේ ඡායාරූප ජංගම දුරකථනය මාර්ගයෙන් යහලුවන්ට යවා ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙම තරුණියගේ සොහොයුරා ප්‍රකාශකර ඇත්තේ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් යහලුවන් සමග හුවමාරු කර නොගන්නා බවට තම නැගණිය සහ ඇයගේ පෙම්වතා ගිවිසගෙන තිබු බවයි.

එය විවාහ ගිවිස ගැනීමේදී කොන්දේසියක් ලෙසට ඉදිරිපත්ව තිබු බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

එම පොරොන්දුව කඩ කරමින් සිය නැගණිය විවාහ මංගල්‍යයේ ඡායාරූප මිතුරියන් සමග හුවමාරු කර ගැනීම හේතුවෙන් ඇයගේ පෙම්වතා දික්කසාද වීමට තීරණය කර ඇති බවයි සොහොයුරා පෙන්වාදී ඇත්තේ.

මෙම සිද්ධිය හේතුවෙන් දෙපාර්ශවයේ දෙමව්පියන් ද ඉතා කණගාටුවෙන් මෙම තීරණයට එකගවී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ ඇතැම් ඥාතීන් පෙන්වාදී ඇත්තේ විවාහ මංගල්‍යය යනු විශේෂිත දිනයක් බැවින් එදින පමණක් මෙම කොන්දේසි ලිහිල් කිරීමට තිබු බවයි.