පාකිස්ථානය ත්‍රස්ත සැකකරුවන් 5100කගේ බැංකු ගිණුම් තහනම් කරයි

Tuesday, 25 October 2016 - 13:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5100%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදී සැකකරුවන්ගේ 5100 කට අධික බැංකු ගිණුම් තහනම් කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබෙනවා.

එම ගිණුම්වල තැන්පත් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවන බවයි වාර්තාවන්නේ.

ඉන්දියාවේ පතන්කොට් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව සැළකෙන ජයිෂ් ඊ මොහොමඞ් සංවිධානයේ නායක මසූඞ් අසාර්ගේ ගිණුමද ඊට අයත් බව ඉන්දීය මාධ්‍ය වර්තා කළා.

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව අදාළ බැංකු ගිණුම් තහනම් කළ බව පාකිස්ථාන මහ බැංකුව ප්‍රකාශ කළා.

මේ අතර පාකිස්ථානයේ ක්වෙටා නුවර පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහිදී තවත් 117 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පාකිස්ථානයේ බලොචිස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ක්වෙටා හි රෝහලක් සහ නීතීඥයන් ඉලක්ක කරගෙන පසුගිය අගෝස්තුවේ එල්ලවූ ප්‍රහාරයෙන් පසු එහි වාර්තාවන දරුණුතම ප්‍රහාරය මෙයයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර එය ලෂ්කාර් ඊ ජාන්ග්වි සන්නද්ධ කල්ලිය විසින් එල්ල කරන්නට ඇතැයි සැළකෙනවා.