බීමතින් බස් රථයක් ධාවනය කළ ලංගම රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

Tuesday, 25 October 2016 - 14:01

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හැටන් සිට නෝටන්බ්‍රිජ් දක්වා බීමතින් ශ්‍රී ලංගම බස් රථයක් පැදවූ එහි රියදුරා සහ කොන්දොස්තරවරයා හැටන්  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දීපාවලි උත්සව සමය වෙනුවෙන් ඊයේ (24) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

බස්  රථය  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි මගීන් නොසිටි බව පොලීසිය සඳහන් කළා.

ලංගම බස් රථය හැටන් ඩිපෝවට භාරදීමට කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගත් රියදුරු සහ කොන්දොස්තරවරයා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.