රංගේ බණ්ඩාරගේ පුතුට ඇප

Tuesday, 25 October 2016 - 15:22

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර සහ තවත් අයෙකු ඇපමත මුදාහරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි විජේතුංග අද (25) නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව දෙසැම්බර් 05 වනදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.

අමාත්‍යවරයාගේ පුතු ගමන් කළ ජීප් රථයක ගැටී ඊයේ පුද්ගලයෙකු මියගිය අතර, 42 හැවිරිදි ඔහු ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසු නිකවැරටිය දෙසට නොනවත්වා ධාවනය කළ ජීප් රථය, එම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථයකින් ලුහුබැඳ ගොස් තිබෙනවා.

කොටවෙහෙර - කණුකැටිය ප්‍රදේශයේදී අදාළ ජීප් රථය නවතාගත් මෝටර් රථයේ සිටි පුද්ගලයන් එය පසුව පොලිසියට භාර දී ඇති බව වාර්තා වුණා.

අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ගමන් ගත් ජීප් රථය ඔහුගේ බිරිඳට අයත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, ජීප් රථය පදවන ලද්දේ තමන් විසින් බව අත්අඩංගුවට ගත් එහි රියදුරු වන නිලන්ත ප්‍රදීප් නැමැත්තා අද අධිකරණය හමුවේ පිළිගෙන තිබුණා.